ඉතාලි තානාපති හා කතානායක අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා පසුගියදා (25) පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වුණා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි වැදගත්කම පිළිබඳ ඉතාලි තානාපතිවරයා මෙහිදී සඳහන් කළා.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉතාලි ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දැක්වීම තානාපතිවරයා අගය කළ අතර, එය ශ්‍රී ලංකාවට ප්‍රේෂණ ලබා දෙන ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස ද සඳහන් කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉතාලි තානාපති කාර්යාලය සූදානම් බව ද තානාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉතාලි සංචාරකයින් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බව අවධාරණය කළ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, සංචාරක සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව අවධාරණය කළ බවයි සඳහන් වන්නේ.

මෙරට කටයුතුවල විනිවිදභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ඩිජිටල්කරණ මුලපිරීම් පිළිබඳව ද වික්‍රමරත්න මහතා විසින් තානාපතිවරයා දැනුවත් කළ අතර, දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපනය කිරීමට බලාපොරොත්තුවන බව ද පැවසුවා.

දෙරට අතර වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම, සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකිකයින් සඳහා ඉතාලියේ නව රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී තවදුරටත් සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?