AFC Banner
Empty Ad
Empty Ad

ඉතාලියට සංක්‍රමනිකයන් රැගෙන යන ජාවාරම්කරුවන්ට වසර 30ක සිර දඬුවමක්

ඉතාලියට නීති විරෝධීව සංක්‍රමනිකයන් රැගෙන යන මිනිස් ජාවාරම්කරුවන්ට වසර 30ක සිර දඬුවමක් පැනවීමට ඉතාලි රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි පවසන්නේ රැගෙන එන සංක්‍රමනිකයන්ගේ ප්‍රමාණය අනුව මෙම දඬුවම තවදුරටත් බලාත්මක කරන බවයි.

ඉතාලියට නීති විරෝධීව සංක්‍රමනිකයන් රැගෙන යෑම මිනිස් ජාවාරමක් බවත් එය අවම කිරීමට නව නීති සම්පාදනය කල බවත් ඉතාලි රජය පවසනවා.

ඉතාලියට සංක්‍රමණිකයින් රැගෙන ගිය කුඩා බෝට්ටුවක් මීට දින කිහිපයකට පෙර ඉතාලියට ආසන්න මුහුදේදී අනතුරට ලක්වීමෙන් කුඩා ළමුන් ඇතුළු 72 ක් මියගොස් තවත් 30 දෙනෙකු අතුරුදන් වූ අතර එම සිද්දියත් සමග සංක්‍රමනික ජාවාරම ගැන ලොව පුරා අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?