AFC Banner
Empty Ad
Empty Ad

ඉඩම් විකුණන්නන්ට නීතිය තද වෙන ලකුණු (ඡායාරූප)

ඉඩම් අයිතිය සහ ලිඛිත අනුමතියක් නොමැති ව ඉඩම් කට්ටි කර විකුණන වෙන්දේසිකරුවන් සම්බන්ධ ව නෛතික ප්‍රතිපාදන අනුව ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුවෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන වෙත නිර්දේශයක් නිකුත් කර තිබෙනවා.

ඉඩම් සහ නිවාස වංචනික ලෙස විකිණීම හේතුවෙන් පාරිභෝගික ජනතාව අගතියට පත් ව ඇති බවත්; එය එසේ නොවීමට අවශ්‍ය කරන නොවන ක්‍රමවේදයක් ක්‍රියාවට නැගීම අවශ්‍ය කරන බවත් කෝපා කමිටුවේ දී දැනුම්දුන්නා.

බොහෝ වෙන්දේසිකරුවන් විසින් විකුණනු ලබන ඉඩම් හා නිවාස ඔවුන් විසින් බැංකුවලට උකස් කර තිබීම හා ඔවුන් ඒ පිළිබඳ ව ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් එවන් ඉඩම් හා නිවාස මිල දී ගන්නා පාරිභෝගික ජනතාව ගැටලු රැසකට මුහුණපාන බවයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී හෙළි වූයේ.

මෙහිදී පැමිණ සිටි නිලධාරින් පවසා සිටියේ නිසි අනුමැතීන් ලබා ගැනීමටත් ප්‍රථමයෙන් වෙන්දේසි දැන්වීම් පළ කරනු ලබන බවයි.

නිවැරදි ලෙස ක්‍රියා කරන වෙන්දේසිකරුවන් සමග ද සාකච්ඡා කොට පාරිභෝගික ජනතාවට අගතියක් නොවන අකාරයෙන් යම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් නිර්දේශ ලබා දුන්නා.

ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන පුර්ව ලිඛිත අනුමැතියකින් සහ ඉඩමේ අයිතිය වෙන්දේසිකරු විසින් තහවුරු කිරීමකින් තොරව ඉඩම් විකිණීම හෝ ඊට අදාළ දැන්වීම් පළ කරන ලෙසට ද දැනුම්දුන්නා.

මෙම ක්‍රියාදාමය ගැන පුර්ණ වාර්තාවක් අගෝස්තු මස වන විට කමිටුවට ලබා දෙන ලෙස ද පැමිණ සිටි නිලධාරීන්ට කමිටුව විසින් උපදෙස් දෙනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විගණකාධිපති වාර්තා පදනම් කර ගනිමින් පෙර පැවති කමිටු රැස්වීමේදී බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් දෙනු ලැබූ නිර්දේශයන්හි ප්‍රගතිය පිළිබඳ විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
10
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?