ඉඩම් විකුණන්නන්ට නීතිය තද වෙන ලකුණු (ඡායාරූප)

ඉඩම් අයිතිය සහ ලිඛිත අනුමතියක් නොමැති ව ඉඩම් කට්ටි කර විකුණන වෙන්දේසිකරුවන් සම්බන්ධ ව නෛතික ප්‍රතිපාදන අනුව ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුවෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන වෙත නිර්දේශයක් නිකුත් කර තිබෙනවා.

ඉඩම් සහ නිවාස වංචනික ලෙස විකිණීම හේතුවෙන් පාරිභෝගික ජනතාව අගතියට පත් ව ඇති බවත්; එය එසේ නොවීමට අවශ්‍ය කරන නොවන ක්‍රමවේදයක් ක්‍රියාවට නැගීම අවශ්‍ය කරන බවත් කෝපා කමිටුවේ දී දැනුම්දුන්නා.

බොහෝ වෙන්දේසිකරුවන් විසින් විකුණනු ලබන ඉඩම් හා නිවාස ඔවුන් විසින් බැංකුවලට උකස් කර තිබීම හා ඔවුන් ඒ පිළිබඳ ව ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් එවන් ඉඩම් හා නිවාස මිල දී ගන්නා පාරිභෝගික ජනතාව ගැටලු රැසකට මුහුණපාන බවයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී හෙළි වූයේ.

මෙහිදී පැමිණ සිටි නිලධාරින් පවසා සිටියේ නිසි අනුමැතීන් ලබා ගැනීමටත් ප්‍රථමයෙන් වෙන්දේසි දැන්වීම් පළ කරනු ලබන බවයි.

නිවැරදි ලෙස ක්‍රියා කරන වෙන්දේසිකරුවන් සමග ද සාකච්ඡා කොට පාරිභෝගික ජනතාවට අගතියක් නොවන අකාරයෙන් යම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් නිර්දේශ ලබා දුන්නා.

ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන පුර්ව ලිඛිත අනුමැතියකින් සහ ඉඩමේ අයිතිය වෙන්දේසිකරු විසින් තහවුරු කිරීමකින් තොරව ඉඩම් විකිණීම හෝ ඊට අදාළ දැන්වීම් පළ කරන ලෙසට ද දැනුම්දුන්නා.

මෙම ක්‍රියාදාමය ගැන පුර්ණ වාර්තාවක් අගෝස්තු මස වන විට කමිටුවට ලබා දෙන ලෙස ද පැමිණ සිටි නිලධාරීන්ට කමිටුව විසින් උපදෙස් දෙනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විගණකාධිපති වාර්තා පදනම් කර ගනිමින් පෙර පැවති කමිටු රැස්වීමේදී බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් දෙනු ලැබූ නිර්දේශයන්හි ප්‍රගතිය පිළිබඳ විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි.

  1. ඔව් වෙන්දේසි ඉඩම් පලාත්පාලන අනුමැතිය ව්කීනීමට පලමුව ලබා ගෙන ගැනුම්කරුවන් වෙත ලබා දීමයි කලයුතුවන්නේ,නමුත් ඉඩම් මිලදී ගෙන අවුරුදු 5ක් ගත්වෙලාත් තවම පලාත්පාලන ආයතනයේ අනුමැතිය ලබාදීමට නොහැකි තත්ත්වයට තමයි නුගේගොඩ විජේරාමයේ ප්‍රෙස්ටිජ් land sale ආයතනය ක්‍රියාත්මක කරන්නේ ,ගැනුම්කරුවන් අමාරුවෙන් මුදල් දි අවුරුදු 5ක් 10ක් රස්තියාදු කරනවා.

  2. ඔය ඔක්කොම නීතිය ක්‍රියාත්මක කරන්න කලින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු හොර හැත්ත T.O , PHI ඇතුළු හොර නඩේ විසින් වෙන්දේසි කරුවන් සුද්ද කකරනවා . ඊට පස්සෙ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ද . . වගකීමෙන් කියන්නේ

  3. තොපේ මුක්කු ගහන්නෝ සහ ,බත් බැලයෝ යොදවා කරන මේ ක්‍රියාව නවත්තන්න පුලුවන් උබලටම විතරයි . වැඩි කතා බැහැ ඒ උබල මිනී මරුවන් නිසා. මෙවර අපි මාලිමාවට චන්දෙ දෙන්නෙ වෙනසක් වෙයි කියල හිතන නිසා.

  4. මහජනතව ට බොහො අපහසුතා ඇතිවන්නේ , මේ විශයට අදාල පර්ශ්වයන් සමග සාකච්ඡා නොකර තිරණ ගෙන පටු අදහස් මත යම් යම් නිති සම්මත කිරිමයි. ඉඩම් සම්බන්ධ ප්‍රශ්නයක දී , ඉඩමට අදාල පිඹුර සහ ඔප්පුව ඉතා වැදගත් . මුලින්ම මැනුම කල යුතු බැවින් , ඒ සදහා මහජනතව ට අපහසුවක් නොවන පරිදි නව නිති හෝ රෙගුලාසි පිලියෙල කිරිමට නම්, රජයේ මිනුම් සදහා සහ පුද්ගලික මිනුම් සදහා මිනින්දෝරු දෙපර්ත්මේන්තුව , මැනුම් සභාව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනය සම්බන්ධ කර ගෙන ඒවා පිලියෙල කිරිම ඉතා වදගත් වෙයි. එයට හෙතු වන්නේ , ඕනෑම මැනුමකදී ඒ සම්බන්ධයෙන් අවසාන තීරකයා වන්නේ , සර්වයර් ජනරාල් තුමා වන බැවින් සහ මහජනතාවගේ පුද්ගලික මැනුම් කරන්නේ , ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ භහුතරයක් සාමාජිකත්වය දරන ලියා පදිංචි බලපත්‍රලත් මිනින්දෝරු මත්ම මහත්මියන් විසින් බැවිනි. මෙම ආයතන සහ නිති අංශ සම්බන්ධ කරගෙන මෙම කටයුත්ත කරන්නේ නම් , මහජනතව ට පහසු වන ආකාරයටත් , වංචනික අවස්ථා නැතිකර ගැනීමටත් හැකි වනු ඇත. නැත්නම් වන්නේ පටු අදහස් අනුව නිති පිලියෙල කිරිම නිසා අවුලෙන් අවුලට පත්වීමයි. සෑම නීතියක්ම නීතියානුකූල ව මහජනතාවගේ සුභ සිද්දිය සහ වඩකටයුතු පහසු කර ගැනීම සදහා විය යුතුයි . එසේ නැතිව මහජනතව ගේ කටයුතු අපහසු කිරිම සදහා නොවිය යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්