Indian Premier League

ඉක්වදෝර ජනපතිවරණයේ ජය ඩැනියෙල් නොබෝවාට

ඉක්වදෝර ජනාධිපතිවරණයේ ජය ඩැනියෙල් නොබෝවාට හිමිව තිබෙනවා.

ඒ ඔහු සිය ප්‍රතිවාදී සගයා වන ලුයිසා ගොන්සාලෙස් ව පරාජයට පත් කරමින්.

ඩැනියෙල් නොබෝවා සියයට 56ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර ලුයිසා හට හිමිවූයේ සියයට 44ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

37 හැවිරිදි ඩැනියෙල්ගේ ජයග්‍රහණය බොහෝ විචාරකයින් හඳුන්වා ඇත්තේ යකඩ හස්ත ප්‍රවේශයක ජයක් ලෙසයි.

ජාතික මැතිවරණ කවුන්සිලය පැවසුවේ නොබෝවා ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වන ලුයිසා ගොන්සාලෙස්ට වඩා ලකුණු 12ක ප්‍රමුඛතාවක් ලබා ඇති බවයි.

තම උපන් ගම වන ඔලොන්හි සිය ආධාරකරුවන් අමතමින්, 37 හැවිරිදි ජනාධිපතිවරයා “ඓතිහාසික ජයග්‍රහණයක්” බවට මෙය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම තරුණ ජනාධිපතිවරයා කෙරෙහි සැමවිටම විශ්වාස කළ සියලුම ඉක්වදෝරියානුවන්ට ද තරුණ ඩැනියෙල් ස්තුති කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?