AFC Banner
Empty Ad
Empty Ad

ඉක්වදෝරයේ ලැව්ගිනි

දකුණු ඇමරිකා මහාද්වීපයට බලපා ඇති නියඟය හේතුවෙන් ඉක්වදෝර අගනුවර ආසන්නයේ ලැව්ගිනි හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිටත් 2,000ක පමණ ගිනි නිවන භටයින්, ගලවා ගැනීමේ සේවකයින් හා හමුදා සාමාජිකයින් ක්විටෝ අගනුවර අවට ලැව් ගිනි මැඩපවත්වමින් ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (25) සවස වනවිට ක්විටෝ අගනුවර දුමෙන් හා අළුවලින් වැසී ගොස් තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කෙරුණා.

මේ වන විට ලැව්ගිනි හේතුවෙන් හය දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති ඇති අතර ඔවුන් කුඩා දරුවන් වන බව සඳහන්.

කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය තුළත් ගින්න පවතින අතර අද (26) රාත්‍රිය වනවිට එය නිවා දැමීම අරමුණ වන බවයි ක්විටෝ නගරාධිපති පබෙල් මුනොස් පවසා තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?