විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (16) කුරුණැගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රදේශයේ නායයෑමට ලක් වූ ස්ථාන නිරීක්ෂණයට පැමිණ සිටියා.
එහිදී එම ප්‍රදේශවල අවතැන්ව සිටින ජනතාව හමුවෙමින් එම ජනතාවගේ ගැටළු පිළිබඳව ද විපක්ෂනයකවරයා සොයා බැලුවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා කියා සිටියේ ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ ගැටළු රැසක් පවතින බවත් ආපදා කළමනාකරණ වෙනුවෙන් වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කර යුතු බවයි.
එමෙන්ම රජය කඩිනමින් ජාත්‍යන්තර ආධාරක සමුලුවක් කැඳවීම සිදු කළ යුතු බවත් මේ අවස්ථාවේදී දේශපාලන වැසි ලබා ගැනීමේ අරමුණෙන් තොරව ඒ සඳහා සහය වීමට රජය සූදානම් බවත් විපක්ෂනායකවරයා සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1





