එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධාන කරන සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා රාජකීය ඈන් කුමරිය මෙරටට පැමිණෙන බවයි
කුමරිය ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන අතර ඇය එළඹෙන 13 වැනිදා දක්වා මෙරට රැඳී සිටි.
ඇය මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහත්වරුන් හමුවීමට නියමිතව තිබෙන බව ද පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය එම සාකච්ඡාවලදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව ද කියා සිටී.
ඈන් කුමරිය සමඟ ඇගේ ස්වාමිපුරුෂයා වන වයිස් අද්මිරාල් ටිම් ලෝරන්ස් කුමරු ද මෙරටට පැමිණෙයි.
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ එකම සොයුරිය වන ඈන් කුමරිය මීට වසර 30කට පෙර 1995 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.




