ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග පකිස්තාන දේශසීමා ආසන්න ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රිච්ටර් මාපකයේ එකක 6.5 ක ප්‍රභල භූමිකම්පාවෙන් ගොඩනැගිලිවලට හානි සිදුවී, නායයෑම් ද සිදු වූ බව සඳහන්.

මරණ 10ක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වී ඇති අතර පකිස්තාන දේශසීමාව ආසන්නයේ ලග්මන් පළාතේ මියගිය අය අතර කුඩා දරුවෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වයඹදිග පකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතේ තවත් මරණ නවයක් වාර්තා වී තිබෙනවා.

පකිස්ථානයේ වැඩි හානියක් සිදුව ඇත්තේ ස්වට් දිස්ත්‍රික්කයේ වන අතර මියගිය සහ තුවාල ලැබූවන් ප්‍රාදේශීය රෝහල් වෙත රැගෙන යාම නායයෑම් හේතුවෙන් අවහිර වූ මාර්ග හේතුවෙන් ප්‍රමාද වී තිබෙනවා.

ජනතාවට උපකාර කිරීම සඳහා හදිසි පියවර ගන්නා ලෙසටයි පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සහන ආයතනවලින් ඉල්ලා ඇත්තේ.

යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට අනුව ඉන්දියාව, උස්බෙකිස්තානය, ටජිකිස්තානය, කසකස්තානය, කිර්ගිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ ටර්ක්මෙනිස්තානය පුරා පැතිරී ඇති කිලෝමීටර් 1,000ක ප්‍රදේශයකට කම්පනය දැනී ඇතැයි සඳහන්.

මෙම කලාපය යුරේසියානු සහ ඉන්දියානු භූ තැටි සන්ධිස්ථානයක පිහිටා ඇති නිසා භූමිකම්පා ඇතිවීමට වැඩි ඉඩක් පවතිනවා .

පසුගිය 2022 වසරේ ජුනි මාසයේදී ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා ප්‍රාන්තයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 5.9ක භූමිකම්පාවකින් 1,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර එය වසර 25කින් පමණ එරට සිදුවූ දැවැන්තම ස්වභාවික ව්‍යසනය ලෙසට සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?