ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග පකිස්තාන දේශසීමා ආසන්න ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රිච්ටර් මාපකයේ එකක 6.5 ක ප්‍රභල භූමිකම්පාවෙන් ගොඩනැගිලිවලට හානි සිදුවී, නායයෑම් ද සිදු වූ බව සඳහන්.

මරණ 10ක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වී ඇති අතර පකිස්තාන දේශසීමාව ආසන්නයේ ලග්මන් පළාතේ මියගිය අය අතර කුඩා දරුවෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වයඹදිග පකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතේ තවත් මරණ නවයක් වාර්තා වී තිබෙනවා.

පකිස්ථානයේ වැඩි හානියක් සිදුව ඇත්තේ ස්වට් දිස්ත්‍රික්කයේ වන අතර මියගිය සහ තුවාල ලැබූවන් ප්‍රාදේශීය රෝහල් වෙත රැගෙන යාම නායයෑම් හේතුවෙන් අවහිර වූ මාර්ග හේතුවෙන් ප්‍රමාද වී තිබෙනවා.

ජනතාවට උපකාර කිරීම සඳහා හදිසි පියවර ගන්නා ලෙසටයි පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සහන ආයතනවලින් ඉල්ලා ඇත්තේ.

යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට අනුව ඉන්දියාව, උස්බෙකිස්තානය, ටජිකිස්තානය, කසකස්තානය, කිර්ගිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ ටර්ක්මෙනිස්තානය පුරා පැතිරී ඇති කිලෝමීටර් 1,000ක ප්‍රදේශයකට කම්පනය දැනී ඇතැයි සඳහන්.

මෙම කලාපය යුරේසියානු සහ ඉන්දියානු භූ තැටි සන්ධිස්ථානයක පිහිටා ඇති නිසා භූමිකම්පා ඇතිවීමට වැඩි ඉඩක් පවතිනවා .

පසුගිය 2022 වසරේ ජුනි මාසයේදී ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා ප්‍රාන්තයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 5.9ක භූමිකම්පාවකින් 1,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර එය වසර 25කින් පමණ එරට සිදුවූ දැවැන්තම ස්වභාවික ව්‍යසනය ලෙසට සැලකෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14