ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට තවත් කණගාටුදායක පුවතක්

තලේබාන් සංවිධානය විසින් කාන්තාවන්ට සේවය කිරීම තහනම් කිරීමෙන් පසු ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධාන තුනක් (NGO) ඇෆ්ගනිස්ථානයේ සේවා කටයුතු නතර කර තිබෙනවා.

Care International, Norwegian Refugee Council (NRC) සහ Save the Children ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කාන්තා කාර්ය මණ්ඩලය නොමැතිව සේවා කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමට නොහැකි බවයි.

ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය කාන්තා අයිතීන් ක්‍රමානුකූලව මර්දනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නවතම නියෝගයනිකුත් වූයේ තලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කර දින කිහිපයකට පසුවයි.

තලේබාන් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දෙල් රහ්මාන් හබීබ් කියාසිටියේ විදේශ ආධාර කණ්ඩායම්වල කාන්තා සේවිකාවන් හිජාබ් පැළඳ නොසිටීමෙන් රටේ ඇඳුම් සම්බන්ධ නීති කඩ කර ඇති බවයි.

එම තහනම පිළිනොපදින ඕනෑම සංවිධානයක බලපත්‍රය අවලංගු කරන බවට ද තලේබාන් සංවිධානය තර්ජනය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය සම්බන්ධීකාරක රමිස් ඇලක්බරොව් පැවසුවේ මෙම තහනම ඉවත්කරවා ගැනීමට තම සංවිධානය උත්සාහ කරන බවයි.

කාන්තා සහන සේවක සේවිකාවන් තහනම් කිරීමේ නියෝගය ආපසු හරවා නොගතහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇෆ්ගනිස්ථානයේ මානුෂීය ආධාර බෙදා හැරීම නැවැත්විය හැකි බව එම නිලධාරියා විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා..

කෙසේවෙතත් තලෙයිබාන් සංවිධාන සෞඛ්‍ය අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසා ඇත්තේ සෞඛ්‍ය සම්බන්ධ කටයුතු අඛණ්ඩව කරගෙන යා යුතු බවත් කාන්තාවන්ට රැකියාවට වාර්තා කර ඔවුන්ගේ සේවාවන් ඉටු කළ හැකි බවයි.

අනෙකුත් අමාත්‍යාංශ ද සෘජුවම එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා පවසා ඇත්තේ ආපදා කළමනාකරණ සහ හදිසි අවස්ථා යන ක්ෂේත්‍රවල වැඩ දිගටම කරගෙන යා යුතු බවය.

NRC හි Jan Egeland පැවසුවේ ආධාර කණ්ඩායමේ සේවකයන් 1400 න් 500 කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් වන අතර කාන්තා කාර්ය මණ්ඩලය සියලු සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් අනුව ක්‍රියාත්මක වූ බවයි.

ඉදිරි දින කිහිපය තුළ මෙම තීරණය වෙනස් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පැවසූ ඔහු රාජ්‍ය නොවන සංවිධානවල වැඩකටයුතුවලට බාධා කළහොත් මිලියන ගණනකට දුක් විඳීමට සිදුවන බවට ද අනතුරු අඟවා තිබෙනවා.

දැවැන්ත ආර්ථික අර්බුදයක් මධ්‍යයේ තලේබාන් සංවිධානයේ මෙම තහනම රැකියා කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන ද කනස්සල්ල පළ කරනවා.

මෙම තීරණය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන් ඔවුන්ගේ අසරණභාවය සහ කනස්සල්ල විදෙස් මාධ්‍ය හමුවේ පළකර තිබෙනවා.

පසුගිය වසරේ ඇෆ්ගනිස්ථානයේ පාලනය අත්පත් කරගත් දා සිට, තලේබාන් සංවිධානය කාන්තා අයිතීන් ක්‍රමානුකූලව සීමා කරමින් පවතිනවා.

එහි පාලනය 1990 ගනන්වල දක්නට ලැබුණු පාලන තන්ත්‍රයට වඩා හොඳ වනු ඇතැයි පොරොන්දු වුවද එවැනි තත්වයක් නොමැති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

රාජ්‍ය නොවන සංවිධාන සේවිකාවන්ට සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට පනවා ඇති තහනම මෙන්ම වෙනත් පොදු ස්ථාන, වනෝද්‍යාන සහ ව්‍යායාම මධ්‍යස්ථානවලට ඇතුළුවීම ද කාන්තාවන්ට ද තහනම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43