ඇෆ්ගනිස්ථානයට ඉතිහාසගත ජයක්

ලෝක කුසලාන 20-20 තරගාවලියේ අමිහිරි පරාජයක් වැළඳගන්නට ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට අද සිදු වුණා.

ඇෆ්ගනිස්ථානය සමඟ පැවති මෙම තරගය ප්‍රබල නවසීලන්ත පරාජයට පත් වුණේ ලකුණු 84කින්.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරගයක දී පරාජය කළ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසගත වනවා.

මෙම තරගය ජය ගැනීමත් සමඟ ‘සී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීම ඇෆ්ගනිස්තානයට හැකියාව ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය කඩුලු 06කට ලකුණු 159ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ලකුණු 160 ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 02ක දී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 75ක් පමණයි.

එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ෆසාල්හක් ෆාරුකි ලකුණු 17කට කඩුලු 04ක් සහ රෂීඩ් ඛාන් ද ලකුණු 17කට කඩුලු 04ක් බිඳ දැමුවා.

ඒ, අනුව කොදෙව් දේශයේ ගයනාවේ දී පැවති මෙම තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 84ක ජයක් හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
1
+1
3
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?