ඇෆ්ගනිස්ථානට ඉතිහාසගත එක්දින තරගාවලි ජයක්

ඉතිහාසයේ පළමුවරට දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය ජයක් වාර්තා කරන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඊයේ (20) හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර ඊයේ (20) පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 177ක දැවැන්ත ජයක් වාර්තා කිරීමත් සමඟයි.

සාජා හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 04ක් දැවී 311ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ඇෆ්ගන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රහ්මනුල්ලා ගුර්බාස් සිය 07 වන ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 105ක් රැස් කළා.

පන්දු 110ක් තුළ ගොඩනැඟුණු ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

ඊට අමතරව අස්මතුල්ලාහ් ඕමර්සායි ලකුණු 83ක් සහ රහමත් ෂා අර්ධ ශතකයක් වාර්තා කරමින් ඇෆ්ගනිස්ථාන ඉනිම ගොඩනැගීමට දායක වුණා.

අනතුරුව ලකුණු 312ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට දකුණු අප්‍රිකානු පිතිකරුවන් පිටියට පිවිසි අතර ඔවුන්ට රිසි සේ ලකුණු රැස්කරන්නට රෂිඩ් ඛාන් සහ නන්ගෙයලියා කැරොටේ ඉඩ ලබාදුන්නේ නැහැ.

එහිදී ඊයේ දිනයේ සිය 26 වන දිවියට පා තැබූ රෂිඩ් ඛාන් දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමූ අතර, නන්ගෙයලියා කැරොටේ කඩුලු 04ක් බිඳ දැමුවා.

ඒ, අනුව පන්දුවාර 34යි පන්දු දෙකක් තුළ දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිම අවසන් කරන්නට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නට හැකියාව ලැබුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙක ජයගෙන තරගවලියේ ජය වාර්තා කරන්නට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?