ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයක පිපිරීමක්

ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයක් ඉලක්ක කර සිදු කළ බෝම්බ ප්‍රහාරයකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ කුන්ඩූස් නගරයේ සුන්නි මුස්ලිම් දේවස්ථානයක එම පිපිරීම සිදුකර ඇති බවය.

ඉන් තවත් 43 දෙනෙකු තුවාල ලැබූ බව සඳහන් වෙයි.

බැතිමතුන් යාච්ඥා කිරීමට සූදානම් වන විට ප්‍රහාරය එල්ලකර තිබුණි.

ඊයේ ෂියා මුස්ලිම් දේවස්ථානයක සිදු කළ පිපිරීමකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙම ප්‍රහාර අයි එස් ත්‍රස්තවාදීන් කර ඇති බව තලිබාන් පාලකයින් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?