කාබුල්හි මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ප්‍රතිකාර කරන රෝහලකට එල්ල වූ පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් 400කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ඇෆ්ගනිස්ථානය පවසනවා.
ඇෆ්ගන් බලධාරින් පවසන්නේ ඊයේ රාත්‍රි 9.30ට පමණ එල්ල වූ ප්‍රහාරයෙන් 250කට වැඩි පිරිසක් තුවාල ලඹ ඇති බවයි.
ඇඳන් 2000ක පමණ තිබූ ගොඩනැගිල්ලක් ප්‍රහාරයට ලක් ව ඇතැයි සඳහන්.
මෙම ප්‍රකාශය මහජන මතය නොමඟ යැවීමක් බව පවසමින් පකිස්ථානය චෝදනාව ප්‍රතික්ෂේප කළා..
මෙහෙයුම අතරතුර කාබුල් සහ නැගෙනහිර පළාතේ නන්ගර්හාර් හි හමුදා ස්ථාන ඉලක්ක කර ගත් බව පාකිස්තානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1



