ඇෆ්ගන් බල පෙරළිය අතරේ, චීනය තලෙයිබාන් සටන්කාමීන් ගැන ගත් තීරණය මෙන්න

තලෙයිබාන් සටන්කාමීන්ගේ පාලනයට නතු වූ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිටි ශ්‍රී ලාංකිකයින්ගෙන් 8 දෙනෙකු බි්‍රතාන්‍යයට සහ කටාර් රාජ්‍යය වෙත රැගෙන ගොස් තිබෙනවා.විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ තවත් ශ්‍රී ලාංකිකයින් 43 දෙනෙකු එරට රැදී සිටින අතර ඔවුන් කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

කාබුල් අගනුවර පාලනය තලෙයිබාන් සටන්කාමීන් විසින් පෙරේදා සියතට ගැනීමෙන් පසුව එරට වැසියන් මේ වන විට ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට උත්සාහ කරමින් පවතිනවා.

මේ හේතුවෙන් හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දැඩි තදබදයක් හටගෙන ඇති අතර, එහි ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ගුවන් තොටුපළේ පාලනය පමණක් පවතින ඇමරිකානු හමුදා ඊයේ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 5 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා.

එවන් පසුබිමක ගුවන් ගත කළ යානයක අනාරක්ෂිතව ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ඉන් ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මේ අතර, තලෙයිබාන් සංවිධානය සමග මිත්‍ර සබදතා වර්ධනය කර ගැනීමට සූදානම් බවට චීන රජය ප්‍රකාශ කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුනින් උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කළේ ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ඉරණම ස්වාධීනව නිර්ණය කිරීමට ඇති අයිතිය චීනය පිළිගන්නා බවයි.

මේ අතර, විදෙස් රටවල් සමඟ සාමකාමී සබදතා පැවැත්වීමේ අවශ්‍යතාවක් පවතින බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය අනාවරණ කළා.

කෙසේ වෙතත්, නව රජයේ සැකසුම හෝ සංයුතිය පිළිබදව ප්‍රකාශ කිරීම, තවමත් කල් වැඩි බවයි ඔවුන් පවසා ඇත්තේ.

තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සුලේ ෂයින් මෙරට පුවත්පතක් සමග සිදුකළ සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ තම සංවිධානය යනු ස්වාධීන සංවිධානයක් බවයි. එල්.ටී.ටී.ඊ. වැනි ත්‍රස්ත සංවිධාන සමග කිසිදු සබදතාවක් තම සංවිධානයට නොමැති බව ඔහු එහිදී සදහන් කර තිබෙනවා.

තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ තලෙයිබාන් නායකත්වය යටතේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථානවලට නැවත කිසිදු තර්ජනයක් එල්ල නොකරන බවයි.කෙසේ වෙතත්, ලොව විශාලතම බෞද්ධ ප්‍රතිමාව වන ඇෆ්ගනිස්ථානයේ බාමියන් ප්‍රතිමාව 2001 වසරේදී තලෙයිබාන් සංවිධානය විසින් විනාශ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11