AFC Banner
AFC Banner
Empty Ad

ඇෆ්ගන් ජයෙන් පසු ඇමති අලි සබ්‍රි ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හොඳ හැටි කියාදෙයි

විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්තානය ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට දක්ෂතාවය සහ ස්ථිරභාවය හේතු වූ බව විදේශ කටයුතු අමාත්‍ය අලි ස්බ්‍රි පවසනවා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව අද (23) ලැබූ ජයග්‍රහණයෙන් පසු සිය නිල එක්ස් ගිණුමට සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අවම පහසුකම් සහිතව ලබාගත් මෙම ජයග්‍රහණය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ නොනැසී පවතින ආත්මය සහ ආශාව පිළිබඳ සාක්ෂියක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ජයග්‍රහණය 1996 දී ශ්‍රී ලංකාව නොපසුබස්නා කැපවීමෙන් සහ රටට මුල්තැන දීමේ ඒකායන අරමුණෙන් ජයග්‍රහණය සිහිපත් කරන බව ද ඔහු පවසනවා.

එම කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය, ක්‍රීඩකන්, පුහුණුකරුවන්, අනුග්‍රාහකයන් පොදු සිහිනයක් බෙදාගත් බවත්, මේ වනවිට එම යුගය අවසන්ව මූල්‍යමය වාසි, පුද්ගලික පිළිගැනීම්, ආකර්ෂණය ක්‍රිකට් ක්‍රීඩාව යටපත් කර ඇති බව අමාත්‍යවරයා තැබූ එක්ස් සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.

මෙම බාහිර චේතනාවන් ආක්‍රමණය කිරීම හේතුවෙන් අපගේ ආදරණීය ක්‍රිකට් උඩු යටිකුරු කර, වරක් අපව ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන ගිය මාවතෙන් බොහෝ දුරස් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඇෆ්ගනිස්ථානයේ ජයග්‍රහණය සැමරීමේදී, අපගේ උරුමය නැවත ලබාගැනීමට ද ආශ්වාදයක් ලබාගත් බව පවසන අමාත්‍යවරයා අපගේ ක්‍රිකට් ප්‍රජාව සහ නායකත්වය තුළ අඛණ්ඩතාව සහ අව්‍යාජ ආශාව ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් ශ්‍රී ලංකාවට යළිත් වරක් කණ්ඩායමක් ලෙස නොව ක්‍රිකට් ලෝකයේ එකමුතුකමේ සහ විශිෂ්ටත්වයේ සංකේතයක් ලෙස කීර්තියට පත්විය හැකි බවයි පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
41
+1
5
+1
84
+1
5
+1
6
+1
6
+1
19
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?