විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්තානය ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට දක්ෂතාවය සහ ස්ථිරභාවය හේතු වූ බව විදේශ කටයුතු අමාත්‍ය අලි ස්බ්‍රි පවසනවා.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව අද (23) ලැබූ ජයග්‍රහණයෙන් පසු සිය නිල එක්ස් ගිණුමට සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අවම පහසුකම් සහිතව ලබාගත් මෙම ජයග්‍රහණය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ නොනැසී පවතින ආත්මය සහ ආශාව පිළිබඳ සාක්ෂියක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම ජයග්‍රහණය 1996 දී ශ්‍රී ලංකාව නොපසුබස්නා කැපවීමෙන් සහ රටට මුල්තැන දීමේ ඒකායන අරමුණෙන් ජයග්‍රහණය සිහිපත් කරන බව ද ඔහු පවසනවා.
එම කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය, ක්‍රීඩකන්, පුහුණුකරුවන්, අනුග්‍රාහකයන් පොදු සිහිනයක් බෙදාගත් බවත්, මේ වනවිට එම යුගය අවසන්ව මූල්‍යමය වාසි, පුද්ගලික පිළිගැනීම්, ආකර්ෂණය ක්‍රිකට් ක්‍රීඩාව යටපත් කර ඇති බව අමාත්‍යවරයා තැබූ එක්ස් සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.
මෙම බාහිර චේතනාවන් ආක්‍රමණය කිරීම හේතුවෙන් අපගේ ආදරණීය ක්‍රිකට් උඩු යටිකුරු කර, වරක් අපව ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන ගිය මාවතෙන් බොහෝ දුරස් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඇෆ්ගනිස්ථානයේ ජයග්‍රහණය සැමරීමේදී, අපගේ උරුමය නැවත ලබාගැනීමට ද ආශ්වාදයක් ලබාගත් බව පවසන අමාත්‍යවරයා අපගේ ක්‍රිකට් ප්‍රජාව සහ නායකත්වය තුළ අඛණ්ඩතාව සහ අව්‍යාජ ආශාව ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් ශ්‍රී ලංකාවට යළිත් වරක් කණ්ඩායමක් ලෙස නොව ක්‍රිකට් ලෝකයේ එකමුතුකමේ සහ විශිෂ්ටත්වයේ සංකේතයක් ලෙස කීර්තියට පත්විය හැකි බවයි පවසන්නේ.














අනේ උබත් මෙතන හැමිනෙන්න එන්න එපා.. පාඩුවේ හැමිනෙන දේසය පාලනය කරගෙන හිටපන්
Yes, definitely ..
Top people can say so many things at any time. Once we got the world in 1996 and there after we achieved our goals time to time. But our administration, planing and implementation was gone down so many reasons.Decision making so poor.our leaders has not corrected administers due to some financial issues. Still they are in same process.Even the prasant leaders are also same boat. I don’t think our cricket not come to the standered another 10 to 20 years. So sad. We need mr.Ana punchihewa type top administers.
Well said Mr minister