ඇස් නළලේ පිහිටා ඉපදුනු අසාමාන්‍ය එළුපැටවා (ඡායාරූප)

යාපනය – නවගිරි ප්‍රදේශයේ පිහිටි එළු පට්ටියක සිටි ගැහැණු එළුවෙක් විසින් අසාමාන්‍ය එළුපැටවෙක් ප්‍රසූතකර ඇති බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම එළු පැටවාගේ දෙඇස් නළලේ එකම ස්ථානයක එක් ඇසක් ලෙස පිහිටා ඇති බවයි.

මෙම සත්වයා බිහිවීමෙන් පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නොසිටි බවයි එම එළු පට්ටිය හිමිකරුවා පවසා ඇත්තේ.

පසුව මෙම එළු පැටවා ප්‍රදේශයේ පශු වෛද්‍යවරයාට යොමුකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම එළුපැටවා බැලීමට ප්‍රදේශයේ ජනතාවද පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?