Update – ඇල්ල බස් අනතුරින් මියගිය අටදෙනෙකු හඳුනාගැනේ

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ආසන්නයේ දී ඊයේ (05) රාත්‍රියේ සිදු වූ මාරක බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්ව දියතලාව රෝහලේ තැන්පත් කර ඇති මෘත දේහ සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (05) දහවල් සිදුකර තිබෙනවා.

ඒ, අනුව එම දියතලාව රෝහලේ තැන්පත් කර ඇති මෘත දේහ අටක මහේස්ත්‍රාත් පරීක්ෂණය මෙලෙස සිදුකර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රත් සෙනවිරත්න වීරසිංහ මහතා විසින් එම මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරනු ලැබුවා

ටී.එච්. ටිරාන් දිවංක (27), කේ.ඒ දිනුෂිකා ලක්මිණි (32), නිහාල් රන්ජිත් වීරසිංහ (54), ඩබ්ලිව්.පී. මදූෂා අනුරාධිනි (42), ඒ.ජී.පී. නිලූෂා ශ්‍රීමාලි (39), ශානිකා අනුරාධිනි (45), ජයනි ජීවන්තිකා (34), ශානිකා අනුරාධා (45) යන අය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බස් රථ අනතුරින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර, මියගිය අනෙක් 07 දෙනාගේ සිරුරු බදුල්ල රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?