Update – ඇල්ල බස් අනතුරින් මියගිය අටදෙනෙකු හඳුනාගැනේ

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ආසන්නයේ දී ඊයේ (05) රාත්‍රියේ සිදු වූ මාරක බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්ව දියතලාව රෝහලේ තැන්පත් කර ඇති මෘත දේහ සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (05) දහවල් සිදුකර තිබෙනවා.

ඒ, අනුව එම දියතලාව රෝහලේ තැන්පත් කර ඇති මෘත දේහ අටක මහේස්ත්‍රාත් පරීක්ෂණය මෙලෙස සිදුකර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රත් සෙනවිරත්න වීරසිංහ මහතා විසින් එම මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරනු ලැබුවා

ටී.එච්. ටිරාන් දිවංක (27), කේ.ඒ දිනුෂිකා ලක්මිණි (32), නිහාල් රන්ජිත් වීරසිංහ (54), ඩබ්ලිව්.පී. මදූෂා අනුරාධිනි (42), ඒ.ජී.පී. නිලූෂා ශ්‍රීමාලි (39), ශානිකා අනුරාධිනි (45), ජයනි ජීවන්තිකා (34), ශානිකා අනුරාධා (45) යන අය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බස් රථ අනතුරින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර, මියගිය අනෙක් 07 දෙනාගේ සිරුරු බදුල්ල රෝහලේ තැන්පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28