ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ දී අනතුරට පත් බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් තිබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරයෙක් අනතුරට පත් බස් රථය පරීක්ෂාකර බලා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මේ වනවිට ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (06) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.
මේ අතර ජීවිත 15ක් බිළිගනිමින් පෙරේදා (04) රාත්‍රියේ මෙම අනතුර සිදුවීමෙන් පසු, එම බස් රථයේ සිට තුවාල ලැබූ පුද්ගලක් විසින් රෝහලේ දී පවසා සිටියේ, බස් රථය අනතුරට ලක්වීමට මොහොතකට පෙර එහි රියදුරු තිරිංගවල යම් දෝෂයක් පවතින බවට දැනුම් දුන් බවයි.












