ඇල්පිටිය පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම ඇරඹේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවා.

ඒ, අනුව අද (09) දිනයේ සිට ලබන 12 වනදා මධ්‍යහ්න 12.00 දක්වා මෙම නාමයෝජනා භාරගැනීම් සිදු කෙරෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකරන බවයි කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

මේ අතර මෙම ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ලබන 11 වනදා මධ්‍යහ්න 12.00ට අවසන්වීමට නියමිතයි.

මෙම ඡන්ද විමසීමට ප්‍රධාන දේශපාලන පක්ෂයක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය සතියේ ඇප මුදල් තැන්පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?