ඇමෙරිකාවේ සුපිරි පිතිකරු ඇරන් ජෝන්ස්ට ක්‍රිකට් තහනම් වෙයි

අමෙරිකා එක්සත් ජනපද සුපිරි පිතිකරු ඇරන් ජෝන්ස්ට තාවකාලිකව ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

බාබඩෝස් හි පැවති BIM10 ලීගය අතරතුර තරග පාවාදීමේ චෝදනාව මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම ක්‍රිකට් තහනම පනවා ඇති බායි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූෂණ විරෝධී නීති පහක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇරන් ජෝන්ස්ට මෙම චෝදනා එල්ල කර තිබෙනවා.

මෙලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දැක්වීම සඳහා ඊයේ (28) දින සිට දින 14ක් ලබා දී ඇති බවද ICCය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
2
+1
5
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !