AFC Banner
Empty Ad
Empty Ad

ඇමෙරිකානු භූමිය තුළ රහසිගත චීන පොලිස් ස්ථාන 06ක්

ඇමෙරිකානු භූමිය තුළ චීනය විසින් පවත්වාගෙන යනු ලබන රහසිගත පොලිස් ස්ථාන තව 06ක් පමණ තිබිය හැකි බව ඇමෙරිකානු ආරක්ෂක අංශ අද ජාත්‍යන්තර මාධ්‍යට වාර්තා කර තිබුණා.

චීන ප්‍රජා සේවා කටයුතු පවත්වාගෙන යමින් ක්‍රියාත්මක මෙම කාර්යාල තුළ රහස් ඔත්තු විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවයි ඇමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් චීන රජය පවසන්නේ විදෙස්ගතව සිටින චීන ජාතිකයින්ගේ අවශ්‍යතා ඉටුකරදීම සඳහා මෙවැනි කාර්යාල විවර කර තිබෙන බවයි.

මේ අතර, එලෙස ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රහසිගතව පවත්වා ගෙන දිය චීන පොලිස් ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට ෆෙඩරල් පොලිස් නිලධාරීන් පසුගිය දා කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?