ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
අයිරිස් ඩෙනා ඉරාන යුද නෞකාව විනාශ වූ පසු බේරාගත් ඉරාන නාවිකයින් නැවත ගෙන්වා නොගන්නා ලෙසට එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවට එහි සඳහන්.
එක්සත් ජනපද අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම සේවය මේ බව කියයි.
අයිරිස් ඩෙනා නෞකාවේ සහ අයිරිස් බූෂෙහර් නෞකාවල සිටි මෙරට තුළ රඳවාගෙන සිටින නාවිකයින් ප්‍රචාරක අරමුණු සඳහා යොදා ගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් අවම කළ යුතු බවට එක්සත් ජනපදය ඉල්ලා ඇති බව ද අදාළ වාර්තාවේ දැක්වෙනවා.



