ඇමරිකානු හමුදා භාරයේ සිටින මධුරෝගේ වීඩියෝවක් පළමු වරට නිකුත් වෙයි (වීඩියෝ)

ඇමරිකානු හමුදා භාරයේ සිටින වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ වීඩියෝවක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

වෙනිසියුලානු ජනාධිපති එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන මූලස්ථානය වෙත රැගෙන ආ අවස්ථාවේ මෙම වීඩියෝව ලබාගෙන ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ ධවල මන්දිරයේ නිල ක්ෂණික ප්‍රතිචාර ගිණුම හරහායි.

එහි දැක්වෙන්නේ හිස් වැසුමක් සහිත කළු පැහැති ටී ෂර්ට් එකකින් සැරසී සිටින මධුරෝව, “DEA NYD” ලෙස ලේබල් කරන ලද නිල් කාපට් එකක් සහිත කොරිඩෝවක් දිගේ රැගෙන යන ආකාරයයි.

ඇමරිකානු මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන මූලස්ථානයේ නිලධාරීන් විසින් ඔහුව මෙලෙස රැගෙන යන අතර, එහිදී නිකොලස් මධුරෝගේ ඒ අසල සිටින පුද්ගලයෙකුට “සුභ නව වසරක්” යැයි ප්‍රාර්ථනා කරන බව පෙනෙනවා.

මේ අතර වෙනිසියුලානු ජනාධිපති මධුරෝ, බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙනවිත් එහි රඳවා සිටින බවයි විදෙස් මාධ්‍ය මේ වනවිට තොරතුරු වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?