ඇමරිකානු වීසා ප්‍රතික්ෂේප වූ සන්දීප් නේපාල කණ්ඩායමේ අවසන් තරග දෙකට කැඳවයි

වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිව සිටි නේපාල ක්‍රීඩක සන්දීප් ලමිච්චනේ ලෝක කුසලාන සංචිතය සමඟ එක්වන බව නේපාල ක්‍රිකට් සංගමය අද ප්‍රකාශ කළා.

අවස්ථා දෙකකදී ඇමරිකානු වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප වූ සන්දීප් ලමිච්චනේ ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගොස් නේපාල කණ්ඩායමට එක්වනු ඇති බවයි නේපාල ක්‍රිකට් ලේකම් පරස් ඛඩ්කා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඒ, අනුව බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වෙන මූලික වටයේ නේපාලයට ඉතිරිව ඇති තරග තුනෙන් අවසන් තරග දෙක සඳහා මෙම දඟ පන්දු යවන ක්‍රීඩකයා නේපාල කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ලෝක කුසලාන තරගාවලියේ නේපාලය සහභාගී වන මූලික වටයේ අවසන් තරග දෙක දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල කිංග්ස්ටන් හිදී පැවැත්වෙනවා.

කෙසේ වෙතත් ඔහුට නේපාල කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය වන ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගය සඳහා එක්වීමට අවස්ථාව අහිමිව යන්නේ එම තරගය ඇමරිකාවේ ෆ්ලොරිඩා හි ලෝඩර්හිල් හිදී පැවැත්වීම හේතුවෙන්.

සන්දීප් ලමිච්චනේට ඇමරිකාවට ඇතුළුවීමට වීසා බලපත්‍රය නොලැබී ගිය ද බටහිර ඉන්දීය කොදෙව් දේශයට ඇතුළුවීමේ වීසාවල ගැටළුවක් ඇති වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21