AFC Banner
AFC Banner
Empty Ad

ඇමරිකානු යුධ නැවක් අද ත්‍රිකුණාමලය වරායට

අමෙරිකානු නාවික හමුදාවට අයත්  නෞකාවක් අද (13) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Arleigh Burke-Class Destroyer වර්ගයට අයත් USS FITZGERALD (DDG 62)  යුද නෞකාව දිගින් මීටර 160 ක් සහ නැව් මුළුව 300ක ගෙන් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් D.J. Catteral කටයුතු කරනු ලබයි.

USS FITZGERALD (DDG 62) නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය සහ දැනුම හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කර ඇති විවිධ වැඩසටහන් සඳහාද සහභාගි වීමට නියමිතය.

එම නෞකාව 2022 මාර්තු මස 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

තවද, එම නෞකාව හා සම්බන්ධ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරනු ලබන බව නාවික හමුදාව දන්වා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?