AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකානු ජාතික තරුණියකට හදිකර රන් අභරණ කොල්ල කෑ දෙදෙනෙකු අත්අඩංගුවට

මෙරට සංචාරයක් සඳහා පැමිණි 25 හැවිරිදි ඇමරිකානු ජාතික තරුණියකට අතවර කර සංචාරක මඟ පෙන්වන්නෙකු සහ තවත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අතවරයට ලක්වූ බව කියන තරුණිය නානුඔය පොලීසියට ප්‍රකාශයක් කරමින් තමන්ට මහනුවර නවාතැන්පොළක දී පසුගිය 29 වනදා අතවරයක් සිදුවූ බවත් ඇයගේ ඇමරිකානු ඩොලර් 6000ක රන් අභරණ සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුවයි.

මහනුවර සිට බදුල්ල බලා පසු ගිය 30 වනදා දුම්රියෙන් ගමන් ගනිමින් සිට ඇති මෙම තරුණිය හඬමින් සිටිනු දුටු පිරිසක් ඒ පිළිබඳව විමසා ඇයව නානුඔය පොලීසියට යොමුකර තිබුණා.

ඇමරිකානු ඩොලර් 2400 ක් වටිනා රන් අත්පලදනාවක් ද ඩොලර් 3600 ක් වටිනා මාලයක් සහ දියමන්ති ඔබ්බවන ලද කරාබු දෙකක් ද තමන් අතවරයට ලක් කළ පුද්ගලයින් විසින් සොරාගෙන ඇති බවට ඇමරිකානු ජාතික තරුණිය පොලීසියට පැමිණිල්ලි කර තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශන කළ මහනුවර පොලිසියේ අපරාධ අංශය සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට ද පියවර ගෙන තිබුණා.

පැමිණිල්ල කළ තරුණිය ද අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට උත්සාහ කළත් ඇය ඒ සඳහා ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සංචාරක මඟ පෙන්වන්නා සහ තවත් අයෙකු සමඟ මහනුවර නවාතැන්පොළක දී මත්පැන් පානය කළ බවත් ඉන් පසුව තමන් අඩ නිරවතින් ඇදක් මත සිටි බවත් ප්‍රකාශ කර තිබෙන පැමිණිලිකාරිය ඒ අතර සිදුවූ කිසිවක් මතක නැති බව ද පොලීසියට පවසා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේෂා මට කරපු එක වෙන කෙනෙක්ට කරන්න පුලුවන් #damitha_abeyrathna
Video thumbnail
නැවත ඉරානයෙන්,ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර දක්වයි ද?
06:33
Video thumbnail
කාන්ති කොඩිකාරට විපතක්නේ වෙලා තියෙන්නේ - දැන් ඉන්නේ රෝහලේ
05:26
Video thumbnail
ලක් අම්මා හදීසියේ සමන්දේවාලයට පැමිණෙයි - හේෂා ඔයාට හෘද ශාක්සියක් තියෙනවා ද ?
06:08
Video thumbnail
කට්ටිය අපිව කොටවනවා - හරිනි කට අරියි
15:59
Video thumbnail
පොල් ගන්න ගියාම මිනිස්සුන්ට එළොව පොල් පේනවා
04:58
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34

?