ඇමරිකානු ජාතික තරුණියකට හදිකර රන් අභරණ කොල්ල කෑ දෙදෙනෙකු අත්අඩංගුවට

මෙරට සංචාරයක් සඳහා පැමිණි 25 හැවිරිදි ඇමරිකානු ජාතික තරුණියකට අතවර කර සංචාරක මඟ පෙන්වන්නෙකු සහ තවත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අතවරයට ලක්වූ බව කියන තරුණිය නානුඔය පොලීසියට ප්‍රකාශයක් කරමින් තමන්ට මහනුවර නවාතැන්පොළක දී පසුගිය 29 වනදා අතවරයක් සිදුවූ බවත් ඇයගේ ඇමරිකානු ඩොලර් 6000ක රන් අභරණ සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුවයි.

මහනුවර සිට බදුල්ල බලා පසු ගිය 30 වනදා දුම්රියෙන් ගමන් ගනිමින් සිට ඇති මෙම තරුණිය හඬමින් සිටිනු දුටු පිරිසක් ඒ පිළිබඳව විමසා ඇයව නානුඔය පොලීසියට යොමුකර තිබුණා.

ඇමරිකානු ඩොලර් 2400 ක් වටිනා රන් අත්පලදනාවක් ද ඩොලර් 3600 ක් වටිනා මාලයක් සහ දියමන්ති ඔබ්බවන ලද කරාබු දෙකක් ද තමන් අතවරයට ලක් කළ පුද්ගලයින් විසින් සොරාගෙන ඇති බවට ඇමරිකානු ජාතික තරුණිය පොලීසියට පැමිණිල්ලි කර තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශන කළ මහනුවර පොලිසියේ අපරාධ අංශය සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට ද පියවර ගෙන තිබුණා.

පැමිණිල්ල කළ තරුණිය ද අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට උත්සාහ කළත් ඇය ඒ සඳහා ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සංචාරක මඟ පෙන්වන්නා සහ තවත් අයෙකු සමඟ මහනුවර නවාතැන්පොළක දී මත්පැන් පානය කළ බවත් ඉන් පසුව තමන් අඩ නිරවතින් ඇදක් මත සිටි බවත් ප්‍රකාශ කර තිබෙන පැමිණිලිකාරිය ඒ අතර සිදුවූ කිසිවක් මතක නැති බව ද පොලීසියට පවසා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01