ඇමරිකානු ජනපතිවරණයේ ඡන්ද විමසීම අද ඇරඹේ – ට්‍රම්ප් සහ කමලා අතර කරට කර තරගයක්

සිය 47 වන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් මිලියන 186කට අධික ඇමරිකානු ඡන්දදායකින් අද (05) ඡන්දට පාවිච්චි කරනවා.

එරට මැතිවරණ නීතිය අනුව සිය මනාපය මැතිවරණ දිනයට පෙර භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වනවා.

ඒ, අනුව ඡන්ද දායකයින් මිලියන 78කට අධික පිරිසක් මේ වනවිටත් සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් උප ජනාධිපති කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලෙස තරග බිමට පිවිස තිබෙනවා.

ඒ, අනුව ඔවුන් දෙදෙනා අතර මේ වනවිට කරට කර තරගයක් නිර්මාණය වී ඇති බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙරට වේලාවෙන් අද (05) පස්වරු 5.00ට ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26