ඇමති ශෂීන්ද්‍ර සමග වාහනය පුබ්බාරු ඔයේ ගසාගෙන ගිහින්

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් මැදගම ප්‍රදේශයේ සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ. මැදගම පොලිසිය සඳහන් කරන්නේ මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා වැටී ඇති සපත්තු පාලම මතින් ගමන් කරද්දී මෙය සිදුවී ඇති බවයි. ප‍්‍රදේශයේ පැවැති උත්සව කිහිපයකට සහභාගි වීමෙන් පසු ඇමතිවරයා මොණරාගල දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

වර්ෂාව හේතුවෙන් පුබ්බාරු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබී ඇති අතර සපත්තු පාලම මතින් ගමන් කල ඩිෆෙන්ඩරය රථය ඇමතිවරයා සමග ගසාගෙන ගොස් තිබේ. ගසාගෙන ගිය වාහනය බේරාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මැදිහත්වීමෙනි. ඇමතිවරයා හෝ කිසිවකුට අනතුරෙන් තුවාල සිදුවී නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09