spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති ශෂීන්ද්‍ර සමග වාහනය පුබ්බාරු ඔයේ ගසාගෙන ගිහින්

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් මැදගම ප්‍රදේශයේ සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ. මැදගම පොලිසිය සඳහන් කරන්නේ මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා වැටී ඇති සපත්තු පාලම මතින් ගමන් කරද්දී මෙය සිදුවී ඇති බවයි. ප‍්‍රදේශයේ පැවැති උත්සව කිහිපයකට සහභාගි වීමෙන් පසු ඇමතිවරයා මොණරාගල දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

වර්ෂාව හේතුවෙන් පුබ්බාරු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබී ඇති අතර සපත්තු පාලම මතින් ගමන් කල ඩිෆෙන්ඩරය රථය ඇමතිවරයා සමග ගසාගෙන ගොස් තිබේ. ගසාගෙන ගිය වාහනය බේරාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මැදිහත්වීමෙනි. ඇමතිවරයා හෝ කිසිවකුට අනතුරෙන් තුවාල සිදුවී නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?