බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ගේ රියදුරෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි කැස්බැව පොලිසිය සඳහන් කර සිටිනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරු පැදිපැදිය පැදවූ තරුණයා බවයි පොලිසිය පැවසුවේ.
මියගිය රියදුරුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ මහ හඬ නංවමින් අධික වේගයකින් යතුරුපැදියක් ඒ මේ අත පැදවූ සැකකාර තරුණයා අමතා මියගිය රියදුරු විසින් හිමින් යතුරුපැදිය පදවන ලෙස පැවසීම මෙම ඝාතනයට ආසන්නම හේතුව වී ඇතැයි පොලීසිය සඳහන් කරන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් තවත් කීහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි කැස්බෑව පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1