ඇමති මනුෂ සහ හරීන්ගේ පෙත්සම් විභාගය ඇරඹෙයි

තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කෙරුණා.

මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කරුණු දක්වමින් කියාසිටියේ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ බලය ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් බවයි.

පක්ෂයේ විනය කමිටුවට හෝ පක්ෂ නායකත්වයට සාමාජිකත්වය අහිමි කිරිමේ බලයක් නොමැති බව ඔහු පෙන්වා දෙනු ලැබුවා.

විනය කමිටුවට පැවරී ඇත්තේ යම් සාමාජිකයෙකු පක්ෂ ව්‍යස්ථාව කඩ කළ විට චෝදනා ගොනු කිරීම හා විමර්ශනය කිරීම පමණක් බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

තම සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබිය දී පක්ෂ මහලේකම්ගේ දැනුම්දීමක් අනුව ඔහු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වී නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

මේ අනුව තම සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට ගත් තීරණය පක්ෂ ව්‍යස්ථාවට මුළුමනින්ම පටහැනි බවයි ඔහු අවධාරණය කළේ.

හිටපු පරිසර ඇමති නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොන්ගසයෙන් ඉවත් කිරිමේ තීරණය අනුමත කරමින් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙම නඩුකරයට කිසිසේත් අදාළ නොවන බව ද ජනාධිපති නීතිඥවරයා සදහන් කළා.

අනතුරුව මෙම නඩුව වැඩිදුර විභාගය ලබන 24 වනදාට කල්තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34