spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති මනුෂ සහ හරීන්ගේ පෙත්සම් විභාගය ඇරඹෙයි

තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කෙරුණා.

මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කරුණු දක්වමින් කියාසිටියේ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ බලය ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් බවයි.

පක්ෂයේ විනය කමිටුවට හෝ පක්ෂ නායකත්වයට සාමාජිකත්වය අහිමි කිරිමේ බලයක් නොමැති බව ඔහු පෙන්වා දෙනු ලැබුවා.

විනය කමිටුවට පැවරී ඇත්තේ යම් සාමාජිකයෙකු පක්ෂ ව්‍යස්ථාව කඩ කළ විට චෝදනා ගොනු කිරීම හා විමර්ශනය කිරීම පමණක් බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

තම සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබිය දී පක්ෂ මහලේකම්ගේ දැනුම්දීමක් අනුව ඔහු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වී නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

මේ අනුව තම සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට ගත් තීරණය පක්ෂ ව්‍යස්ථාවට මුළුමනින්ම පටහැනි බවයි ඔහු අවධාරණය කළේ.

හිටපු පරිසර ඇමති නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොන්ගසයෙන් ඉවත් කිරිමේ තීරණය අනුමත කරමින් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙම නඩුකරයට කිසිසේත් අදාළ නොවන බව ද ජනාධිපති නීතිඥවරයා සදහන් කළා.

අනතුරුව මෙම නඩුව වැඩිදුර විභාගය ලබන 24 වනදාට කල්තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?