ඇමති කෙහෙළියට එරෙහිව අල්ලස් කොමිසමේ නඩුව කොළඹ මහාධිකරණයේ කැඳවයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුව අද (21) කොළඹ මහාධිකරණයේ දී කැඳවනු ලැබුවා.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයතු කළ සමයේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථවේ අරමුදලින් රුපියල් දෙලක්ෂ තිස්දහසක මුදලක් වැයකර කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පුද්ගලික දුරකථන බිලක් ගෙවීමේ චෝදනාව යට‍තේ මෙම නඩුව ගොනුකර තිබුණා.

මෙම චෝදනාව යට‍තේ නඩු පැවරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සහ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් විසින් අද (21) දිනයේ විවෘත අධිකරණයේ දී මූලික විරෝධතා ගොනුකරනු ලැබුවා.

මෙම මූලික විරෝධතාවලට පිළිතුරු ලබන සැප්තැම්බර් 20 වන දින ලිඛිතව අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34
Video thumbnail
අලුත් තාක්ෂණයෙන් පෙරාපු කසිප්පු අල්ලපු මෙහෙයුම
03:36
Video thumbnail
මහියංගණය වෙ# තැබීමේ සියල්ල හෙළිවෙයි - සජීවී දර්ශන මෙන්න
05:17

?