ඇමති කෙහෙළියට එරෙහිව අල්ලස් කොමිසමේ නඩුව කොළඹ මහාධිකරණයේ කැඳවයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුව අද (21) කොළඹ මහාධිකරණයේ දී කැඳවනු ලැබුවා.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයතු කළ සමයේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථවේ අරමුදලින් රුපියල් දෙලක්ෂ තිස්දහසක මුදලක් වැයකර කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පුද්ගලික දුරකථන බිලක් ගෙවීමේ චෝදනාව යට‍තේ මෙම නඩුව ගොනුකර තිබුණා.

මෙම චෝදනාව යට‍තේ නඩු පැවරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සහ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් විසින් අද (21) දිනයේ විවෘත අධිකරණයේ දී මූලික විරෝධතා ගොනුකරනු ලැබුවා.

මෙම මූලික විරෝධතාවලට පිළිතුරු ලබන සැප්තැම්බර් 20 වන දින ලිඛිතව අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28