ඇමති අමරවීර ඩීසල් ඉල්ලයි

යල කන්නයේ අස්වනු නෙලීම සහ යූරියා පොහොර ප්‍රවාහනය සඳහා ඉන්ධන ලබාදෙන ලෙස, අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙන බව කෘෂිකර්ම අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ යල කන්නයේ අස්වනු නෙලීම සහ පොහොර ප්‍රවාහනය සඳහා ඩීසල් ලීටර් 20,275,000ක් පමණ අවශ්‍යවන බවයි.

යල කන්නය වෙනුවෙන් දිවයින පුරා කුඹුරු හෙක්ටයාර් 477,000ක පමණ වී වගාකර ඇති අතර මෙම මස අග සතියේ සිට ඒවායේ අස්වනු නෙලීම ආරම්භ වනවා.

ඊට අමතරව ඉන්දීය රජය විසින් ලබාදෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ලොරි රථ 2000ක් උපයෝගි කරගනිමින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් වෙත බෙදාහැරීමට ද සැලසුම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

වී වගාවට අදාළව සිදු කරන කටයුතු සඳහා ප්‍රමුඛත්වයෙන් ඉන්ධන ලබාදීම කළ යුතු බවට දන්වමින් අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් සටහනක් ඉදිරිපත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?