spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති අමරවීර ඩීසල් ඉල්ලයි

යල කන්නයේ අස්වනු නෙලීම සහ යූරියා පොහොර ප්‍රවාහනය සඳහා ඉන්ධන ලබාදෙන ලෙස, අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙන බව කෘෂිකර්ම අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ යල කන්නයේ අස්වනු නෙලීම සහ පොහොර ප්‍රවාහනය සඳහා ඩීසල් ලීටර් 20,275,000ක් පමණ අවශ්‍යවන බවයි.

යල කන්නය වෙනුවෙන් දිවයින පුරා කුඹුරු හෙක්ටයාර් 477,000ක පමණ වී වගාකර ඇති අතර මෙම මස අග සතියේ සිට ඒවායේ අස්වනු නෙලීම ආරම්භ වනවා.

ඊට අමතරව ඉන්දීය රජය විසින් ලබාදෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ලොරි රථ 2000ක් උපයෝගි කරගනිමින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් වෙත බෙදාහැරීමට ද සැලසුම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

වී වගාවට අදාළව සිදු කරන කටයුතු සඳහා ප්‍රමුඛත්වයෙන් ඉන්ධන ලබාදීම කළ යුතු බවට දන්වමින් අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් සටහනක් ඉදිරිපත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?