ඇමතිකම ගත්ත ඇත්ත හේතුව කියන ශාන්ත බණ්ඩාර

තමා නව අමාත්‍යාංශය භාරගනු ලැබුවේ මේ මොහොතේ රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

අද (12) පෙරවරුවේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඒ මහතා මේ බව කියා සිටියේය.

තමා අමාත්‍යධූරය භාරගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ වුවද එලෙස සිදුකරනු ලැබුවේ තමා අමාත්‍යාංශයට ඇති ගිජුකමකට නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“වංචාවක් දුෂණයක් මේ අමාත්‍යාංශ තුළ විෂ්‍ය පථ තුළ කිසිම කේෂ්ත්‍රයක සිදුවෙන්න දෙන්නේ නෑ කියන ඒ වගකීම මම භාරගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ වෙනවා. මේ ඇමතිධුරයට ගිජුවෙලාවත් වෙනත් දෙයක් බලාපොරොත්තුවවත් ගත්ත තීරණයක් නෙමෙයි මේක. මේ තීන්දුව තව මාස කිහිපයකින් අපේ රටේ ජනතාව කියයි ශාන්ත බණ්ඩාර ගත්ත තීන්දුව නිවැරදියි කියලා. රට තුළ අස්ථාවරභාවයක් නිර්මාණය වෙනකොට ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා මේ ආණ්ඩුව කවුරු හරි භාරගෙන කරගෙන යන්න කියලා.

නමුත් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන කිසිම කෙනෙක් ඒ් වගකීම භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම උත්සහයක් දැරුවා අන්තර්පාලන ආණ්ඩුවක් බිහිකරන්න. ඒ ස ඳහා වු වැඩපිළිවෙල ඉදිරියට ගෙනිච්චත් එය සාර්ථකත්වයට පත්කර ගන්න කිසිසේත් හැකියාවක් නෑ. මේ වෙලාවේ මම හිට ගන්න ඕනේ රට අරාජික වෙන පැත්තේ ද නැතිනම් රට ස්ථාරවර වෙන පැත්තෙද කියන තීන්දුව මගේ හෘද සාක්ෂියට එකඟව ගත යුතුව තිබුණා. ජනාධිපතිවරයා මට එන්න කිව්වා. මම එතුමාට කිව්වා ස්වාධීන මන්ත්‍රිවරයෙක් ලෙස රට ස්ථාවරභාවයේ තියාගෙන යන්න අවශ්‍ය සහයෝගය අවශ්‍ය කැපකිරීම මම කරන්න කැමතියි කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?