ඇමතිකම ගත්ත ඇත්ත හේතුව කියන ශාන්ත බණ්ඩාර

තමා නව අමාත්‍යාංශය භාරගනු ලැබුවේ මේ මොහොතේ රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

අද (12) පෙරවරුවේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඒ මහතා මේ බව කියා සිටියේය.

තමා අමාත්‍යධූරය භාරගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ වුවද එලෙස සිදුකරනු ලැබුවේ තමා අමාත්‍යාංශයට ඇති ගිජුකමකට නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“වංචාවක් දුෂණයක් මේ අමාත්‍යාංශ තුළ විෂ්‍ය පථ තුළ කිසිම කේෂ්ත්‍රයක සිදුවෙන්න දෙන්නේ නෑ කියන ඒ වගකීම මම භාරගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ වෙනවා. මේ ඇමතිධුරයට ගිජුවෙලාවත් වෙනත් දෙයක් බලාපොරොත්තුවවත් ගත්ත තීරණයක් නෙමෙයි මේක. මේ තීන්දුව තව මාස කිහිපයකින් අපේ රටේ ජනතාව කියයි ශාන්ත බණ්ඩාර ගත්ත තීන්දුව නිවැරදියි කියලා. රට තුළ අස්ථාවරභාවයක් නිර්මාණය වෙනකොට ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා මේ ආණ්ඩුව කවුරු හරි භාරගෙන කරගෙන යන්න කියලා.

නමුත් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන කිසිම කෙනෙක් ඒ් වගකීම භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම උත්සහයක් දැරුවා අන්තර්පාලන ආණ්ඩුවක් බිහිකරන්න. ඒ ස ඳහා වු වැඩපිළිවෙල ඉදිරියට ගෙනිච්චත් එය සාර්ථකත්වයට පත්කර ගන්න කිසිසේත් හැකියාවක් නෑ. මේ වෙලාවේ මම හිට ගන්න ඕනේ රට අරාජික වෙන පැත්තේ ද නැතිනම් රට ස්ථාරවර වෙන පැත්තෙද කියන තීන්දුව මගේ හෘද සාක්ෂියට එකඟව ගත යුතුව තිබුණා. ජනාධිපතිවරයා මට එන්න කිව්වා. මම එතුමාට කිව්වා ස්වාධීන මන්ත්‍රිවරයෙක් ලෙස රට ස්ථාවරභාවයේ තියාගෙන යන්න අවශ්‍ය සහයෝගය අවශ්‍ය කැපකිරීම මම කරන්න කැමතියි කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13