ඇප හිමිවූ වසන්ත මුදලිගේ එළියට

නඩු කිහිපයකට අදාළව ඇප නියම වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කර තිබෙනවා.

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතරුව ඔහු මෙලෙස නිදහස් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

වසන්ත මුදලිගේ තවත් නඩු තුනකට අදාළව ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළා.

අධිකරණ තීන්දු භාර නොගැනීම හා උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනාවලට ඔහුට මෙලෙස ඇප ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එක් චෝදනාකවක රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත වසන්ත මුදලිගේ මුදා හරින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වසන්ත මුදලිගේට එරෙහිව පවරා ඇති නඩුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ ඔහු නිදහස් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ වසන්ත මුදලිගේට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කර ඇති බව ඔප්පු වී ඇති බවයි.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ සියලුම චෝදනාවලින් ඔහු නිදහස් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සඳහන් කිසිදු වරදක් මුදලිගේ විසින් සිදුකර නොමැති බව ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වීම නිසා දින 140 කට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03