Empty Ad
AFC Banner
Empty Ad

ඇප ලැබුණු යෝෂිත රාජපක්ෂට තවත් නඩුවක්

වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනින් අයථා වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන් තවත් නඩුවක් ඉදිරියේ දී ගොනු කරන බව නීතිපතිවරයා කරුණු දක්වමින් අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් සඳහන් කර සිටියේ, 2006 නාවික හමුදාවට බැඳී 2016 වැඩ තහනමට ලක් යෝෂිත රාජපක්ෂ නම් සැකකරු 2013 වසරේ දී රුපියල් ලක්ෂ 500ක ඉඩමක් මිලදී ගැනීම, CSN නාළිකාව පවත්වාගෙන යමින් මුදල් රැස් කිරීම ඇතුළු තවත් විමර්ශන ගණනාවක් රහස් පොලිසිය සිදුකරන බවයි.

ඊට අදාළ නඩු නුදුරේ දීම අධිකරණයට ගොනු කිරීමට කටයුතු සම්පාදනය කරන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයේ දී සඳහන් කර සිටියේ.

රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 340 කට අධික වටිනාකමින් යුත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබූ නඩුව අද (27) කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් කෙරුණා.

අද කැඳවූ මෙම නඩුවට අදාළව සැකකාර යෝෂිත රාජපක්ෂව රුපියල් ලක්ෂ 500ක ශරීර ඇප දෙකක් මත මුදාහැරුණු අතර, විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
3
+1
20
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40

?