ඇප ලැබුණු යෝෂිත රාජපක්ෂට තවත් නඩුවක්

වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනින් අයථා වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන් තවත් නඩුවක් ඉදිරියේ දී ගොනු කරන බව නීතිපතිවරයා කරුණු දක්වමින් අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් සඳහන් කර සිටියේ, 2006 නාවික හමුදාවට බැඳී 2016 වැඩ තහනමට ලක් යෝෂිත රාජපක්ෂ නම් සැකකරු 2013 වසරේ දී රුපියල් ලක්ෂ 500ක ඉඩමක් මිලදී ගැනීම, CSN නාළිකාව පවත්වාගෙන යමින් මුදල් රැස් කිරීම ඇතුළු තවත් විමර්ශන ගණනාවක් රහස් පොලිසිය සිදුකරන බවයි.

ඊට අදාළ නඩු නුදුරේ දීම අධිකරණයට ගොනු කිරීමට කටයුතු සම්පාදනය කරන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයේ දී සඳහන් කර සිටියේ.

රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 340 කට අධික වටිනාකමින් යුත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබූ නඩුව අද (27) කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් කෙරුණා.

අද කැඳවූ මෙම නඩුවට අදාළව සැකකාර යෝෂිත රාජපක්ෂව රුපියල් ලක්ෂ 500ක ශරීර ඇප දෙකක් මත මුදාහැරුණු අතර, විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
3
+1
20
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22