අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු නැවත අද (08) සවස බන්ධනාගාරයට රැගෙන ගියා.
හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළේ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් සහ ඒ ඇපකරුවන්ගේ පදිංචිය සහතික කිරිමේ ලේඛන අධිකරණය ඉදිරිපත් කළ යුතු බවයි.
ඒ අනුව ශරීර ඇප සඳහා ඉදිරිපත් වන ඇපකරුවන් පස් දෙනා සහ අදාළ කොන්දේසි සපුරාලීමට නොහැකි වූ බැවින් සහ අධිකරණ කටයුතු සවස හතරට අවසන් වූ බැවින් එසේ යළි බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර හිටපු අමාත්‍යවරයා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද දහවල් නියෝග කළ අතර හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ඉකුත් මාර්තු 25 වැනිදායි.
වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට ඔහුව අල්ලස් කොමිසම මගින් පසුගිය මාර්තු 24 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.