AFC Banner
AFC Banner
Empty Ad

ඇපල් ෆෝන් හාල් අස්සේ ගහන්න එපා – සමාගමෙන් අනතුරු ඇඟවීමක්

ජලයෙන් තෙත් වූ ඇපල් අයිෆෝන් දුරකථන වියළීම සඳහා සහල් බඳුනක තැබීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇපල් සමාගම අනතුරු අඟවා තිබෙනවා.

එම සමාගම පවසන්නේ අයිෆෝන් දුරකථන තෙත් වුවහොත් එය සහල් බඳුනක තැබීම පොදුවේ දන්නා උපක්‍රමයක් නමුත් එසේ නොකළ යුතු බවයි.

ඇපල් සමාගම නව මාර්ගෝපදේශයක් නිකුත් කරමින් පරිශීලකයින්ට දැනුම් දෙන්නේ මේම ක්‍රමය මඟින් ඔවුන්ගේ උපාංගවලට හානි සිදුවිය හැකි බවයි.

දුරකථනය සහල්වල දැමීමෙන් සහල්වල ඇති කුඩා අංශු උපාංගයේ කොටස්වලට හානි කිරීමට හේතු විය හැකි බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.

එම ක්‍රමය වෙනුවට ඇපල් සමාගම යෝජනා කළේ ඕනෑම ද්‍රවයක් මෘදු ලෙස තට්ටු කර ඉවත්කර දුරකථන සම්බන්ධකය පහළට මුහුණලා තනිවම වියළීමට තබන ලෙසයි.

මේ අතර බාහිර තාප ප්‍රභවයක් හෝ සම්පීඩිත වාතය හරහා තෙත් වූ දුරකථනයක් වියළීම සම්බන්ධයෙන් ද ඇපල් සමාගම අනතරු අඟවනවා.

ඔවුන් පවසන්නේ රේඩියේටර් සහ කෙස් වියළන යන්ත්‍ර ඒ සඳහා භාවිත නොකළ යුතු බවයි.

ජංගම දුරකථනයට කපු කූරු හෝ ටිෂූ කඩදාසි වැනි ආගන්තුක වස්තුවක් ඇතුළු කිරීමට එරෙහිව ද සමාගම අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?