ආහාර උද්ධමනය අතින් ලංකාව පස්වන තැනට

ලොව ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට පත් වී තිබෙනවා.

ඒ, ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුවයි

ආහාර උද්ධමනය අතින් පළමු ස්ථානයේ ලෙබනනය පසුවන අතර, සිබ්බාබ්වේ දෙවන ස්ථානයත් තුන්වන ස්ථානය වෙනිසියුලාවත් හිමිව තිබෙනවා.

හතරවන ස්ථානය පත්ව ඇත්තේ තුර්කියයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා සිදුකරන ලද සමීක්ෂණයක වාර්තාවලට අනුව මෙම ස්ථානයන් ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ අතර ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ජුනි මාසයේදී 75.8% සිට ජූලි මාසයේදී 82.5% දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 43.6% සිට 52.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ජූලි මාසයේදී උද්ධමනය සඳහා ආහාර ද්‍රව්‍යවල දායකත්වය 39.28% ක් වූ අතර ආහාර නොවන ද්‍රව්‍යවල දායකත්වය 27.44%ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?