2025 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය අද (09) අබුඩාබිහි දී ආරම්භ වනවා.
ආසියාවේ විස්සයි විස්ස ශූරයින් කවුරුන් දැයි තෝරන මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 08ක් එක්වනවා.
එම කණ්ඩායම් අට A සහ B ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර, ඉන්දියාව, ඕමානය, පාකිස්ථානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය A කාණ්ඩයෙන් තරග වදිනවා.
B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, හොංකොං සහ බංග්ලාදේශය මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් මූලික වටයේ දී එක්වනවා.
2025 ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ ඇෆ්ගනිස්ථාන සහ හොංකොං කණ්ඩායම් පළමුව තරග බිමට පිවිසීමට නියමිතයි.
මේ අතර මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ලබන 13 වනදා අබුඩාබිහී දී පැවැත්වෙනවා.





