ආසියාවේ ක්‍රිකට් ශූරයින් තෝරන ආසියානු කුසලානය අද ඇරඹේ

2025 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය අද (09) අබුඩාබිහි දී ආරම්භ වනවා.

ආසියාවේ විස්සයි විස්ස ශූරයින් කවුරුන් දැයි තෝරන මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 08ක් එක්වනවා.

එම කණ්ඩායම් අට A සහ B ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර, ඉන්දියාව, ඕමානය, පාකිස්ථානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය A කාණ්ඩයෙන් තරග වදිනවා.

B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, හොංකොං සහ බංග්ලාදේශය මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් මූලික වටයේ දී එක්වනවා.

2025 ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ ඇෆ්ගනිස්ථාන සහ හොංකොං කණ්ඩායම් පළමුව තරග බිමට පිවිසීමට නියමිතයි.

මේ අතර මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ලබන 13 වනදා අබුඩාබිහී දී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14