AFC Banner
Empty Ad
Empty Ad

ආසියාවේ සිරියාවන්තම විවාහක රූ රැජිණ කිරුළ දිනූ සංජීවනී මව්බිමට (ඡායාරූප)

තායිලන්තයේ පැවති 21 වැනි ආසියානු විවාහක රූ රැජිණ තරගාවලියට සහභාගී වී ‘ආසියාවේ සිරියාවන්තම’ විවාහක රූ රැජිණ කිරුළ දිනාගත් සංජීවනී ඇඹුල්දෙණිය අද (05) දිවයිනට පැමිණියා.

ඇය අද (05) පෙරවරු 11.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ආසියානු රටවල් 27ක විවාහක රූ රැජිණියන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 29 වනදා සිට දෙසැම්බර් 04 වනදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර දී මෙම තරගාවලිය පැවැත් වුණා.

සංජීවනී ඇඹුල්දෙණිය මෙම වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තේරී පත්ව ආසියානු විවාහක රූ රැජිණ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබුණා.

20231205 115239 scaled
20231205 120353 scaled
20231205 115248 scaled
20231205 120811 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
2
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?